Question

අප්‍රිකාවේ සහරා කාන්තාරය සහ නිවර්තන කලාපීය ප්‍රදේශ අතර පිහිටි අර්ධ ශුෂ්ක සහේල් කලාපය ආශ්‍රිතව පිහිටි රටවල් පහක එකමුතුවක් G5 සහේල් (G5 du Sahel) නමින් හඳුන්වනු ලබයි.

මෙම සංවිධානය පිහිටුවාගනු ලැබුනේ 2014 පෙබරවාරි 15 සිට 17 දක්වා පැවති අන්තර්ජාතික සමුලුවකදී ය.

මෙම සංවිධානයේ සාමාජිකයන් වන්නේ මොරිටානියාව, මාලි, බුර්කිනා ෆාසෝ, නයිජර් සහ චැඩ් ය. මෙම සියල්ල පැරණි ප්‍රංශ යටත් විජිත වේ. එහෙයින් මෙම සංවිධානය සහ ප්‍රංශය අතර සමීප සබඳතාවයක් දක්නට ලැබේ.

2014 දෙසැම්බරයේදී මෙම සංවිධානයට අයත් වන රටවල් ගිවිසුමකට එළඹියේය. එමෙන්ම සංවිධානයේ නිත්‍ය ලේකම් කාර්යාලය මොරිටානියවේ පිහිටු වීමට කටයුතු කෙරිණ.

මෙම රටවල්වල ආර්ථික දියුණුව සහ ආරක්ෂාව සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳ මෙම සංවිධානය අවධානය යොමු කරයි. මෑත කාළයේදී ඉස්ලාමික අන්තවාදී සංවිධානවලින් එන තර්ජනයන් පිළිබඳ ද විශේෂ අවධානයක් ඔවුන් යොමු කර තිබේ.

G5 සහේල් සංවිධානය ධරණීය සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. සංවර්ධන අවශ්‍යතා වන පරිපාලනය, ආරක්ෂාව, ආර්ථික ශක්තිය සහ යටිතල පහසුකම් ආදිය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා ආයෝජන ප්‍රමුඛතා වැඩසටහන නම් වැඩ පිළිවෙලක් ද ඔවුහු අනුගමනය කරති.

(උපුටා ගැනීමකි)

Experience

සතෙකුගේ හෝ ශාකයක හෝ වෙනත් යම් කිසි ජීව විශේෂයක සෛල තුල පවතින ජාන වලින් ඇතැම් ජාන කොටස් වෙන්කර එම කොටස් තුලට වෙනත් සත්ත්වයෙකුගේ හෝ ශාකයක ජාන එකතු කරමින් නව ශාකයක් හෝ සත්වයෙක් බිහි කිරීමේ තාක්ෂණික කටයුතත ජාන තාක්ෂණය ලෙස හැදින්වේ.

 

ජාන වෙනස් කරන ලද ආහාර

 

  • සෝයා
  • බඩ ඉරිගු
  • කැනෝලා
  • හවායින් ගස්ලබු
  • තක්කාලි
  • අර්තාපල්
  • උක්
  • සීනි බීට්
  • ස්වීට් කෝන්
  • වී

ජාන තාක්ෂණයේ ආරම්භය

 

ජාන තාක්ෂණය විසි වන සියවස මැද භාගයේ පටන් ලෝකය තුල ඇතිවූ නව තාක්ෂණික ප්‍රවණතාවක් ලෙස හැදින්විය හැක. සීඝ්‍ර ජනගහන වර්ධනය හමුවේ දැනට ඉතිරි වී ඇති ස්වභාවික සම්පත් එක හා සමාන ලෙස ලෝකයේ රටවල් අතර බෙදී යාමක් සිදු නොවන හෙයින් ඉතා කෙටි කාලයකින් අස්වැන්න වැඩි කිරීමේ ක්‍රමෝපායන් මෙතුලින් විමසා බැලේ.දැනට මෙය ප්‍රධාන  වශයෙන් ආහාර භෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් පුලුල් ලෙස විමර්ෂණයට ලක් කෙරේ. තත්වය එසේ වුවත් ජාන තාක්ෂණික ක්‍රම සහ පර්යේෂණ තවමත් සිමා වී ඇත්තේ ලෝකයේ රටවල් අතලොස්සක පමණි. උදාහරණ ලෙස ඇමරිකාව,ආර්ජන්ටිනාව‍, චිනය බ්‍රසීලය,ජපානය වැනි රටවල් දැකිවිය හැකිය.

 1990 දශකයේදී ජාන තාක්ෂණය ආහාර නිෂ්පාදන කර්මාන්තයට යොදා ගන්නා ලදී.2000 ජනවාරි මාසයේදී  ජාන වෙනස් කරන ආහාර සම්මුකියට අත්සන් තබන ලදි.මෙයට රටවල් 130 කට වඩා අත්සන් තබා ඇත.

වර්ථමාන ලෝකයේ පවතින විශාල ආහාර අර්බුදයට පිලියමක් ලෙස ජාන තාක්ෂණය යොදා ගනිමින් ආහාර නිපදවනු ලබයි.වසර 2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන 9 ඉක්මවන බවට ඇස්තමේන්තු ගත කර ඇති අතර දැනට අප සතුව ඇනි සම්පත් ප්‍රමාණය ඊට ප්‍රමානවත් නොවනු ඇත.එම නිසා ජාන තාක්ෂණය යොදාගෙන අප අතැති සම්පත් ප්‍රමාණයෙන් වැඩි අම්වැන්නක් ලබා ගත හැකිය.

අපගේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේදී ගොවීන් ඔවුන් විසින්ම බීජ සපයා ගනියි.කලින් වගාවේ අස්වැන්නෙන් කොටසක් ඊලග වගාවේ බීජ ලෙස ගනියි. එහෙත් ජාන වෙනස් කල බීජ වල අස්වැන්න එ ආකාරයට යලි බීජයක් ලෙස ගත නොහැක.    

 

 ජාන තාක්ෂණයේ ඇති අවධානම වන්නේ බීජ නිශ්පාදන සමාගම් වලට ලෝක ඒකාධිකාරයක් පැවතීමයි. ඒ වාගේම ටික කලක් ගිය විට එම භෝග වලට සරිලන වල් පැල හා කෘමීන් ඇතිවේ.ඉන් පසු ශාක,බීජ,ආහාර වල අයිතිය හා පාලනය ඔවුන් සතු වේ.ඒවාට පිලියම් ඇත්තේද ඔවුන් සතුවය.එම නිසා ගොවීන්ට එම සමාගම් මතම යැපෙමින් බෝග වගා කිරීම සිදුවේ.

 

ජාන තාක්ෂණයේ වාසි

 

  • අහිතකර තත්ව වලට ප්‍රතිරෝදී ලෙස සකස් කර ඇත.
  • වැඩි අස්වැන්නක් ලබා ලත හැක
  • අඩු පොහොර ප්‍රමාණයක් පමණක් අවශ්‍ය වේ.
  • අවශ්‍ය ජල ප්‍රමාණය අඩුය.
  • කෘමි ප්‍රතිරෝදී වේ.
  • වල් නාශක වලට ප්‍රතිරෝදී වේ.
  • ජනගහන වර්ධනය සමග ආහාර සැපයුම වැඩි කල හැකිය.
  • බීජ වල හා ආහාරයට ගතහැකි කොටස් වල පෝෂණය වැඩි කල හැකිය.
  • එළවලු පළතුරු වල ගබඩා කාලය වැඩි කරයි.
  • නයිට්‍රජන් ලබා ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කරයි.
  • හොද වයනයක්,රසයක් හා පෝෂක තත්වයක් පවතී.

 

 ජාන තාක්ෂණයේ අවාසි

 

  • පරිසරය දූෂණය වේ.
  • සමහර අවස්ථා වල මිනිසුන්ට හානිදායක වේ.
  • සුපිරි වල් පැල ඇති වේ.
  • සුපිරි වල් පැල අනෙකුත් ප්‍රධාන භෝග පරයා ආධිපත්‍ය පතුරුවයි.
  • නොසිතු ජීවීන් සමග ජාන හුවමාරු විය හැක.
  • අඩු පහසුකම් සහිත සංවර්ධනය වෙමින් පවතින රට වලට සුදුසු නොවීම.
  • ආහාර සැපයීම බහු ජාතික සමාම් කිහිපයකට පමණක් සීමා වීම.

 

 

ජාන ආහාර නුසුදුසු ඇයි?

 

 අද වනවිට ලෝකයේ දියුණු රටවල් ජාන තාක්ෂණය පිළිබද පර්යේෂණ සිදු කළද ඔවුන් එම රටවල වැසියන් ජාන තාක්ෂණික ආහාර වලින් ආරක්ෂා කර ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාව ජාන නවීකරණය කරන ලද ඉරිගු මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව පවසා තිබේ.බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුලු රටවල් ගණනාවක් මෙසේ ජාන ආහාර භාවිතය තහනම් කර ඇති අතර ඇතැම් රටවල් සීමා පනවා ඇත. අපද එම ආහාර ගැනීමේදී තවත් වරක් සිතිය යුතුය.

(උපුටා ගැනීමකි)

Experience


1 අප්‍රිකාවේ ගාන්ධි - මාර්ටින් ලූතර් කිං
2 රොයිටර් සේවයේ නිර්මාතෘ - ජෝල් ජූලියස් රොයිටර්
3 රන් ට්‍රෝපිඩෝව - ඩෙන්මාර්ක් ජාතික පිහිනුම් ක්‍රීඩාව
4 ආසියාවේ ආලෝකය - ගෞතම බුදුන් වහන්සේ
5 සෝවියට් රුසියාවේ පියා - වි. අයි. ලෙනින්
6 ඉබෝනි එක්ස්ප්‍රස් - ජෙසී ඕවන්ස්
7 ජ්‍යාමිතියේ පියා - යුක්ලීඩ්
8 බාල දක්ෂ ව්‍යාපාරයේ පියා - බෙඩ්නි පවල් සාමි
9 අවිහිංසාවාදයේ පියා - මහත්මා ගාන්ධි
10 යකඩ ගැහැනිය - මාග්‍රට් තැචර්
11 මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
12 මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
13 තාරකා විද්‍යාවේ පියා - නිකලස් කොපර්නිකස්
14 ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්. ජී. ග්‍රේස්
15 තැපැල් මුද්දරයේ පියා - සර් රොලන්ඩ්ස් හිල්
16 වියටිනාමයේ නිර්මාතෘ - හෝ චි මිං
17 පරිනාම වාදයේ පියා - චාල්ස් ඩාවින්
18 බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටීස්
19 ආර්ථික විද්‍යාවේ පියා - ඇඩම් ස්මිත්
20 කාෂ්මීරයේ සිංහයා - ඉන් යාවේ ෂෙයික් අබ්දුල්ල
21 හයිඩ්‍රජන් බෝම්බයේ පියා - එඩ්වර්ඩ් ටෙලර්
22 නූතන ශෛල්‍ය විද්‍යාවේ නිර්මාතෘ - ජෝන් හන්ටන්
23 මාක්ස්වාදයේ නිර්මාතෘ - කාල් මාක්ස්
24 නූතන විද්‍යාත්මක
කළමනාකරණයේ පියා - ප්‍රෙඩ්රික් වින්ස්ලෝ ටේලර්
25 ජලකර බෝම්බයේ පියා - මහාචාර්යය අන්දෝයි සකරොප
26 තර්ක ශාස්ත්‍රයේ පියා - ඇරිස්ටෝටල්
27 විද්‍යුතයේ පියා - ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා
28 යුරෝපයේ සුදු විදුලිය - ඇනල්ඩ් ඩොනල්ඩ්
29 යුරෝපයේ කලු විදුලිය - කාල් ලුවිස්
30 පුංචි ගවස්කාර් - සචින් තෙන්ඩුල්කාර්
31 ඉතිහාසයේ පියා - හෙරඩෝටස්
32 භූදාන් ව්‍යාපාරයේ පියා - විනෝබා බාවේ
33 කැන්ගරුවන්ගේ දේශය - ඕස්ට්‍රේලියාව
34 ලෝකයේ සීනි කෝප්පය - කියුබාව
35 මුතු දිවයින - බහරේන්
36 රත්තරං දේශය - ඕස්ට්‍රේලියාව
37 කේක් බිම - ස්කොට්ලන්තය
38 නිදහස් බිම/ සිනාසෙන බිම/
සුදු අලියා - තායිලන්තය
39 ලිලී දේශය - පලස්තීනය
40 යුරෝපයේ රෝගියා/
යුරෝපයේ අලස මිනිසා - තුර්කිය
41 ශුද්ධ වූ දේශය - පලස්තීනය
42 ගංගා පහේ දේශය - පන්ජාබය
43 ඉන්දියන් සාගරයේ මුතු ඇටය - ශ්‍රී ලංකාව
44 යුරෝපයේ කෙළි බිම - ස්විස්ටර්ලන්තය
45 සුදු මිනිසාගේ මිනී වල - සියෙරා ලියොන්
46 දහස් විල් රට - ෆින් ලන්තය
47 පෙරදිග දොරටුව - සිංගප්පූරුව
48 අත්ලාන්තික් සයුරේ මුතු ඇටය - කියුබාව
49 යරෝපයේ ගව පට්ටිය - ඩෙන්මාර්කය
50 යුරෝපයේ කුකුල් කොටුව - බෙල්ජියම
51 හිරු නොබසින අධිරාජ්‍යය - මහා බ්‍රිතාන්‍ය
52 මහ රෑ හිරු පායන රට - නෝර්වේ
53 හිරු නැගෙන දිවයින - ජපානය
54 යුරෝපයේ පියස්ස - ටිබෙටය
55 දෙවියන්ගෙ නෙළුම් උයන - භූතානය
56 ආසියාවේ අභිමානය - ජපානය
57 නයිල් ගඟේ තෑග්ග - ඊජීප්තුව
58 යුරෝපයේ හදවත - ජර්මනිය
59 නව ලෝකය - ඇමරිකාව
60 සදාකාලික නගරය - රෝමය
61 තහනම් නගරය - ලහසා
62 රං දොරටුවේ නගරය - ජකර්තා
63 ශ්වේත නගරය - බෙල්ග්‍රේඩ්
64 කඳු හතේ නගරය - රෝමය
65 සුලං නගරය - චිකාගෝ
66 ජල නගරය - ස්ටොක්හෝම්
67 කිරි ගරුඬ නගරය - ඇබර්ඩීන්
68 ඉන්දියාවේ දොරටුව - බොම්බාය
69 සහෝදර ප්‍රේමයේ නගරය - පිලිඩෙල්ෆියා
70 සුර දූතියන්ගේ නගරය - බැංකොක්
71 චීනයේ ශෝකය / කලු ගඟ - හොවැංහෝ ගඟ
72 නිල් කඳු වැටිය - ඉන්දියාවේ නිල් ගිරි කඳු
73 දහසක් විහාර දිවයින - ඉන්දුනීසියාවේ බාලි
74 ලොව මහා පියස්ස - පාරමී තැන්න
75 ආසියාවේ දියණිය - යුරෝපය
76 ශීතල මහද්වීපය - ඇන්ටාක්ටිකාව
77 අඳුරු මහද්වීපය - අප්‍රිකාව


Experience

අසාද් පාලනය සිරියාවේ ඉඩ්ලිබ් නගරය වෙත රසානයනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට ඇමෙරිකාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ඉඩ්ලිබ් නගරය වෙත සත්‍ය ගවේෂණය සඳහා කණ්ඩායමක් යැවිය යුතු බවත් එසේ නොකිරීමෙන් අපකීර්තියට පත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රසායනික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානය බවත් රුසියාව ප්‍රකාශ කර තිබේ.

රුසියානු මැදිහත් වීම මත පසුගිය 2013 වසරේදී අසාද් පාලනය සතුව තිබූ රසායනික අවි ටොන් 1300ක් පමණ විනාශ කර තිබියදී අසාද් පාලනය වෙත ඇමෙරිකාව චෝදනා එල්ල කරන අතර මෙම රසායනික අවි ප්‍රහාරය පිළිබඳ එල්ල වන චෝදනාව අසාද් පාලනයට දැඩිව ප්‍රතික්ෂේක කර සිටී.

ඉඩ්ලිබ් නගරයේ සිදු වූ රසායනික අවි ප්‍රහාරය පිළිබඳව කිසිදු පරීක්ෂණයකින් තොරව අසාද් පලනයට එහි වගකීම පටවමින් සිරියානු හමුදාව සතු ප්‍රධාන ගුවන් හමුදා කඳවුරක් වන ෂයිරට් කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර එම ප්‍රහාරයන්ගෙන් සිරියානු ගුවන් හමුදාවට බරපතළ හානි සිදු විය. රසායනික අවි ප්‍රහාරය පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදු නොකට හිතුවක්කාරී ලෙස ඇමෙරිකාව එල්ල කළ මෙම මිසයිල ප්‍රහාරයට රුසියාව තමන්ගේ බලවත් විරෝධය පළකරනු ලැබීය.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව තීරණාත්මක ජයග්‍රහණ රැසක් සිරියානු හමුදා අත්කරගනිමින් සිටියදී ඇමෙරිකාව මෙලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් එම ජයග්‍රහණ අඩාල කිරීමටද හේතු වී තිබේ. අයි.එස්. ත්‍රස්තවාදීන් සතුව පැවැති සිරියාවේ හෝම්ස් නගරය සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට සිරියානු හමුදා මේ වනවිට සමත්ව ඇති අතර නගරයේ සිර වී සිටි සිවිල් වැසියන් 3,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සිරියා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

(uputa ganimaki)